29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතවත් බිත්තර තොගයක් දිවයිනට

තවත් බිත්තර තොගයක් දිවයිනට

ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර තොගයක් ඊයේ (04) රාත්‍රියේ දිවයිනට රැගෙන ආ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

මේ වනවිට බිත්තර මිලියන 04ක් ආනයනය කර ඇති අතර බිත්තර මිලියන 02ක ප්‍රමාණයක් පසුගිය 23 වැනිදා පළමු වරට ආනයනය කෙරුණු අතර දින 4කට පමණ පෙර තවත් බිත්තර මිලියනයක් ආනයනය කෙරුණු බව එහි සභාපති අසිරි වලිසුන්දර පැවසීය.

එම බිත්තර තොගය මේ වනවිට අනුමැතිය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ.

ඊයේ රාත්‍රී ආනයනය කෙරෙණු බිත්තර නියැදි අද (05) දිනයේ පරීක්ෂණාගාර වෙත යොමු කරන අතර ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර සාමාන්‍ය පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා මේ වන තෙක් අවසර ලැබී නොමැත.