26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalතෙල් මිල අඩු කරන්න රනිල් කරපු දෙයක් නෑ - වසන්ත

තෙල් මිල අඩු කරන්න රනිල් කරපු දෙයක් නෑ – වසන්ත

තෙල් මිල අඩු කිරීමට රනිල් කළ දෙයක් නැති බවත් තෙල් මිල අඩු වූයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අඩුවීම හේතුවෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අපි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නේ ජනතාවට බාධා නොවෙන ආකාරයට. අපි රටේ ජනතාවට කියන්නේ උත්සව සමරන්න නිදහස තියෙන්න ඕනේ. මේ පාර රටටම අවුරුදු නෑ. 5000 ගෑස් එක තමයි රනිල් මේ 20%කටත් අඩු ගානකින් පහත දැම්මේ. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අඩුවෙලා තිබුණේ මීට සති තුනකට කලින් ඉඳන්. ජනතාවට මේ ලැබුණේ ලෝක වෙළඳපොළේ අඩු වෙච්ච තෙල් සහනය මිසක් රනිල් කරපු දෙයක් නිසා නෙවෙයි. එහෙනම් ලයිට් බිලත් අඩු කරන්න. ජනතාව පීඩාවට පත්කරලා මේ ගහලා තියෙන බදුත් අඩු කරන්න. මේ රටේ ජනතාවට ජීවත්වෙන්න සහනයක් දෙන්න. ඇයි ඒවා දෙන්නේ නැත්තේ? අපි ජනතාවගේ ඉල්ලීමුත් දිනාගෙන තමයි මේ සටන ඉදිරියට අරන් යන්නේ.