ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් පවත්නා අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන දිවයිනේ දිස්ත්රික්ක තුනකට නායයෑම් අවදානම් තත්ත්වයක් ප්රකාශයට පත් කර තිබේ.
ඒ අනුව මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මෙම නායයෑමේ අවදානම බලපවතිනු ඇති බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
අද (05) පස්වරු 5 දක්වා මෙම අවදානම් නිවේදනය බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිවේදනය කරයි.