― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalනවෝත්පාදන දිරි ගැන්වීම ඔස්සේ නිෂ්පාදන ආර්ථිකයක් බිහි කීරීමට උරදෙනවා

නවෝත්පාදන දිරි ගැන්වීම ඔස්සේ නිෂ්පාදන ආර්ථිකයක් බිහි කීරීමට උරදෙනවා

නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරන බොහෝ දෙනා එය කරන්නේ කෙසේ දැයි නොදන්නා නමුත් එය සිදු කරන අයුරු තමන් දන්නා අතර මේ වන විට සිදු කරමින් සිටින්නේ ද එය බවත් ඒ අනුව නවෝත්පාදන දිරිගැන්වීම ඔස්සේ නිෂ්පාදන ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයට අයත් ආයතන තුළ ප්‍රධානීන් ලෙස පත් කර සිටින සියලු දෙනා විෂය ප්‍රවීණයන් බවත් මේ අය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළට ප්‍රවේශ කරගැනීම හරහා එම ක්ෂේත්‍රයන්හි වේගවත් වර්ධනයක් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව විසින් දෙවසරකට වරක් සංවිධානය කරනු ලබන විද්‍යා හා තාක්ෂණ සමුළුව අමතමින් වොටර්ස් එජ්හි දී පැවති වැඩසටහනක දී ය. මෙම වැඩමුළුව සඳහා විදෙස්ගත හා මෙරට සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥයන්, පර්යේෂක විද්වතුන් ඇරයුම් ලබා සිටි අතර කාලෝචිත මාතෘකාවන්ට අදාළ ව ඔවුන්ගේ තේමාව වී තිබුණේ ‘දේශගුණ විපර්යාස විචලනය වන යුගයක තිරසර සංවර්ධනය සඳහා විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය’ යන්නයි. ඊට අදාළ ව ඔවුන් විසින් පවත්වනු ලබන සැසිවල වාර්තා විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි අදාළ ආයතනවලට දෙනු ලබයි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, දේශගුණ විපර්යාස කෙරෙහි මෙන් ම පිරිසිදු බලශක්ති ප්‍රභවයන් හා ආහාර සුරක්ෂිතතාව කෙරෙහි විද්වතුන්ගේ අවධානය මෙවර යොමු වී තිබීම අතිශයින් ම කාලෝචිත වන අතර සුළං, හිරු එළිය, ජලය වැනි පරිසර දූෂණයකින් තොර පිරිසිදු බලශක්ති ප්‍රභවයන් කෙරෙහි මෙන් ම ආහාර සුරක්ෂිතතාව කෙරෙහිත් සැලකිලිමත් වීම අප රටට ද ඉතා වැදගත් වන බවයි.

මෙහි දී අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ කාර්යභාරය ඇගයීමට ලක් කළ අමාත්‍යවරයා ඒ හා සමගාමී ව මෙරට විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් පර්යේෂකයන්ට හා නව නිර්මාණකරුවන්ට වාර්ෂික ව මූල්‍ය දිරිගැන්වීම් හා ඇගයීම් සිදු කරමින් ක්‍රියාකාරී දායකත්වයක් සපයන ජාතික පර්යේෂණ සභාව ද ප්‍රශංසාවට ලක් කළේ ය. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය වැනි ආයතන මගින් මෙරට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුවට ලබා දෙන සහාය ද මෙහි දී අමාත්‍යවරයා සිහිපත් කළේ ය.