30 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර අයිනේ සිටි තරුණියකට දිවි අහිමි කළ අනතුර

පාර අයිනේ සිටි තරුණියකට දිවි අහිමි කළ අනතුර

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි රසාංජලී නමැති 22 හැවිරිදි වියේ පසුවූ තරුණියක් බවයි වාර්තා වන්නේ.

ඇය සිය පෙම්වතා සමඟ යතුරුපැදියකින් චාරිකාවක් ගොස් නැවත පැමිණෙමින් සිටියදීයි මෙම අවාසනාවන්ත අනතුරට මුහුණදී ඇත්තේ.

ඔවුන් දෙදෙනා ඊයේ (04) වරකාපොල උඩුවක ඇල්ල නැරඹීමට ගොස් යළි නිවෙස් වෙත පැමිණෙමින් සිටියදී කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ බටලීය කජුගම ප්‍රදේශයේදීයි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.

කජු මිලදීගැනීම සඳහා තරුණිය යතුරුපැදිය අසළ සිටියදී පෙම්වතා කජු වෙළෙඳසැලක් වෙත ගොස් ඇති අතර එම අවස්ථාවේදී අධික වේගයෙන් කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් යතුරුපැදිය අසළ සිටි තරුණියද යටකරගෙන අසළ පිහිටි කාණුවකට වැටී නැවතී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණිය එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

අදාළ බස් රථය යුද හමුදාව වෙත කුලී පදනම මත ලබාගෙන තිබූ බස් රථයක් වන අතර එහි රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.