26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබත් පැකට්ටුවක මිල පහළට

බත් පැකට්ටුවක මිල පහළට

ගෑස් මිල පහළ දැමීමත් සමඟ අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි බත් පැකට්ටුවක මිල, කොත්තුව සහ ප්‍රයිඩ් රයිස් මිල අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසීය.

එහි සභාපති අසේල සම්පත් අවධාරණය කළේ ගෑස් මිල අඩු කිරීම හේතුවෙන් ආපනශාලා හිමියන් එම සහනය ජනතාවට ලබාදීමට අනිවාර්යයෙන් කටයුතු කළ යුතු බවයි.

තේ කෝප්පයක මිළ රුපියල් 10කින් සහ බත් පාර්සලයක මිල 20% කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.