26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබීමත් රියදුරෙක් නිසා එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට

බීමත් රියදුරෙක් නිසා එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට

වැල්ලවාය – තණමල්විල මාර්ගයේ නුගේයාය ප්‍රදේශයේදී ඊයේ (04) රාත්‍රි ත්‍ර්‍රීරෝද රථයක කැබ් රථයක් ගැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙම අනතුරෙන් කුඩා ළමයෙකුද තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුළත් කර ඇති අතර කැබ් රථයේ රියදුරු එය ධාවනය කර තිබෙන්නේ බීමතින් බවයි පොලීසිය පවසන්නේ.

අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථය විරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයේ ගැටී ඇති අතර අනතුරින් ත්‍රිරෝද රථයේ ගිය වැල්ලවායේ පදිංචි පොලිස් සැරයන්වරයෙකු, ඔහුගේ බිරිඳ හා පියා මියගියා.

බීමතින් සිටි කැබ් රථයේ රියදුරු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පසුව පොලිසියට භාරදෙනු ලැබුවා. අනතුරින් පසුව කැබ් රථයේ ගිය තවත් කිහිපදෙනෙකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පැවසෙනවා.