29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමිලියන 92කට අධික හෂීස් තොගයක් සමඟ විදේශිකයන් 3ක් අත්අඩංගුවට

මිලියන 92කට අධික හෂීස් තොගයක් සමඟ විදේශිකයන් 3ක් අත්අඩංගුවට

හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 92ක පමණ තොගයක් රැගත් විදේශීය ඩව් යාත්‍රාවක් සමඟ විදේශිකයන් තුන්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව, තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද දිනසිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ.

උතුරු මැද නාවික විධානයට අයත් තම්මැන්නා නෞකාවට අනුයුක්ත මැරීන් බලඝණ නාවිකයින් යොදවා අද තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කර තිබෙනවා.

මෙහෙයුමේදී එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු විදේශීය ඩව් යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එහි උර 03ක් තුළ පාර්සල් 95ක අසුරන ලද හෂීස් කිලෝ ග්‍රෑම් 92ක පමණ තොගයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු සහ එම ඩව් යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 92කට අධික බවටයි විශ්වාස කෙරෙන්නේ.

අත්අඩංගුවට ගත් විදේශීය සැකකරුවන් තිදෙනා, හෂීස් කිලෝ ග්‍රෑම් 92ක පමණ තොගය සහ ඩව් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෛයිමන්නාරම පොලිසිය වෙත භාරදී තිබෙනවා.