ඇතැමුන් රාජපක්ෂවරුන් එළවා දැමීමට උත්සාහ දරන්නේ රාජපක්ෂවරුන් නැති විට මෙය කනත්තක් වන නිසාත් එවිට ඔවුන්ට සිත් සේ පිනුම් ගැසීමට හැකි නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.
හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
“කුරහන් සාටකය කියන්නේ ගොවි ජනතාව එක්ක බද්ද වෙච්ච ලාංඡනයක්. ඒ ලාංඡනය තමයි රාජපක්ෂවරුන්ගේ කරේ තියෙන්නේ. ඒක තමයි ගොවි මහත්වරුයි රාජපක්ෂවරුයි බද්ද කරපු ලාංඡනය. එදා මහින්ද රාජපක්ෂ පරදද්දි රුපියල් 40ට තිබූ සහතික වී මිලක් ඇති කෙරුවේ අවුරුදු 08 ඇතුළත ලංකා ඉතිහාසයේ එකම නායකයා මහින්ද රාජපක්ෂයි. හැම කෘෂි භාණ්ඩයක්ම එතුමා තීරු බදු රහිත කෙරුවා. එහෙමයි මහින්ද ගොවි මහත්වරුන්ට ආදරේ කළේ. ඊටපස්සේ ගෝඨාභය වියත්තු කියන දේවල් අහලා පොහොර වෙනස් කරන්න ගියා. දැන් ඒ වියත්තු ටික තමයි හෙලිකොප්ටරේ නැගලා ඉන්නේ. ගෝඨාභයට අමු ලණු ටික දුන්නා. බේරේ වැවේ බැහැලා නාපු උනුත් එකයි. බේරේ වැවට අසූචි මිශ්‍ර කරලා පොම්ප කරලා නාන උනුත් එකයි. හැමෝම රාජපක්ෂලාට ගහද්දි අදත් අපි රාජපක්ෂ කෙනෙක් ළඟ තියන් කතා කරනවා. රාජපක්ෂලා ශක්තිමත්. එයාලා එළවගත්තොත් මේක කනත්තක් වෙනවා. ඒ කනත්තේ මුන්ට පිනුම් ගහන්න පුළුවන් කියලා මුන් දන්නවා.“