― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරැඳවියෙකුට මත්කුඩු දුන් බන්ධනාගාර නියාමක සොයා පරීක්ෂණ

රැඳවියෙකුට මත්කුඩු දුන් බන්ධනාගාර නියාමක සොයා පරීක්ෂණ

රැඳවියෙකුට මත්කුඩු ගෑම් 50ක් ලබාදි පලාගිය ගිය බව කියන කළුතර බන්ධනාගාරයේ නියාමකවරයෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර උතුර පොලිසිය පවසනවා.

හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට පත්ව සිර දඬුවම් විඳින රැඳවියෙකුට සැකකාර නියාමකවරයා කිසියම් දෙයක් හොර රහසේ ලබාදෙන අයුරු රාජකාරි යෙදී සිටි බන්ධනාගාර නිලධාරියෙකු දැක තිබෙනවා.

අනතුරුව රැඳවියා පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මත්කුඩු විශේෂයක් සොයා ගෙන ඇති අතර ඒවා කුමන වර්ගයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. රැඳවියා සන්තකයේ තිබූ මත්කුඩු බන්ධනාගාර නිලධාරිවරයා විසින් සිය භාරයට ගන්නා අයුරු දුටු නියාමකවරයා අධිකරණ රාජකාරි කටයුත්තකට යාමට තිබෙන බව පවසා කඩිමුඩියේ බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වුණා.

අත්අඩංගුවට ගැනීමට සොයන බන්ධනාගාර නියාමකවරයා මීට පෙර අවස්ථාවකදීත් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ගොස් රැඳවියන්ට ලබාදී වැඩ තහනමට ලක්වූ අයෙක් බව පොලිසිය පැවසුවා.

මේ වන විට බන්ධනාගාර නියාමකවරයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව කළුතර උතුර පොලිසිය පැවසුවා.