27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැඩි පරිස්සමට කොට්ටේ ඇතුළේ හැංගූ ලක්ෂ 15ක් හොරු අරන් ගිහින්

වැඩි පරිස්සමට කොට්ටේ ඇතුළේ හැංගූ ලක්ෂ 15ක් හොරු අරන් ගිහින්

නිදන කාමරයේ ඇඳේ කොට්ටය තුළට දමා පරිස්සමට තබා තිබූ රුපියල් පහළොස් ලක්ෂ අනූ දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවට එම මුදල් අයිතිකාර කාන්තාව වේයන්ගොඩ පොලීසියට පෙරේදා (4) පැමිණිල්ලක් කර ඇත.

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම පැමිණිලිකාර කාන්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන තැනැත්තියක් වන ඇය ඉඩමක් විකුණා ලබාගත් මුදලකින් කොටසක් වූ මෙම මුදල ඇය බැංකුවක කලින් තැන්පත් කර ඇති අතර පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකු කඩා වැටීමට ලක්වී මුදල් ලබා ගැනීමට නොහැකි වේ යැයි ඇති වූ සැකය මත ගිණුමේ තිබූ මෙම මුදල් පසුගිය ජනවාරි මාසයේ දිනක ඇය නිවෙසට රැගෙන පැමිණ ඇතැයි පොලීසිය පවසයි.

එම මුදල් නෝට්ටු කොට්ටය තුළට දමා වැඩි පරිස්සමට සැඟවූ බව ඇය පවසන්නේ යැයි ද පොලීසිය පවසයි.

තමා නිදාගන්නේ මුදල් දමා ඇති මෙම කොට්ටය හිසට තබාගෙන බවත් කොට්ටය ඇතුළේ මුදල් දමා ඇති බව සැමියා හෝ වෙන කිසිවකු හෝ නොදන්නා බවත් ඇය පොලීසියට පවසා ඇත.

පෙරේදා රාජකාරි නිමා කර නිවෙසට පැමිණ නිදන කාමරයට ගිය අවස්ථාවේ මුදල් සඟවා තිබූ කොට්ටය ඉරා දමා අයුරු ඇය දැක කොට්ටය තුළ දමා තිබූ මුදල් නොමැති බව දැක ඒ බව ඇය පොලීසියට පැමිණිලි කර තිබේ.

වේයන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.