27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසෞඛ්‍ය ඇමතිකම දෙනවා නම් මම භාරගන්න සූදානම් - රාජිත

සෞඛ්‍ය ඇමතිකම දෙනවා නම් මම භාරගන්න සූදානම් – රාජිත

මන්ත්‍රීවරුන් පිල් මාරු කරන්නේ මුදල් නිසා ම නොවන බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

“මට සෞඛ්‍ය ඇමති තනතුර දෙනවා නම් භාරගන්න සූදානම්. 2015 විපක්ෂ නායකතුමා අගමැති වන්නේ අපේ පිල්මාරුව හින්දා. නැත්නම් එක්සත් ජාතික පක්ෂය ඒ වෙලාවේ දිනන්නේ නැහැ,

කට්ටියක් දේශපාලනය වෙනුවෙන් ගන්න තීන්දු තව කට්ටියකට පේනවා මුදල්වලට ගත්තා කියලා. අපි හැමදාමත් ගන්නවා නම් තීන්දුවක් ගන්නේ දේශපාලනය අනුව. ඒක හින්ද තමයි මිනිස්සු ඒවා පිළිගන්නේ.

සමහර කට්ටියට පේනවා ඇති ඒක ගත්තේ මුදල්වලට කියලා. මුදල්වලට යන කට්ටියත් ඇති, දේශපාලනයට යන කට්ටියක් ඉන්නවා.”

මන්ත්‍රීවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සංචාරය නිමවා මාධ්‍යයට අදහස් පළ කරමිනි.