26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහරක් කටාගේ බිරිඳ අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර පොලීසියේ සහාය

හරක් කටාගේ බිරිඳ අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර පොලීසියේ සහාය

මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටාගේ බිරිඳ ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.

උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේ හරක් කටා නමැත්තාගෙන් අනාවරණය කරගත් තොරතුරුවල වැඩිදුර විමර්ශන සඳහා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවයි.

ඉකුත් මස 15 වැනිදා හරක් කටා සහ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පානදුර කුඩු සලිඳු යන දෙදෙනා මැඩගස්කරයේ සිට මෙරටට ගෙන එනු ලැබූ අතර ඔවුන් මේ වනවිට රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරනවා.