22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධික රස්නය සහිත කාලගුණය මැයි මස දක්වා

අධික රස්නය සහිත කාලගුණය මැයි මස දක්වා

ජනතාව අපහසුතාවයට පත්වන අධික රස්නය සහිත කාලගුණික තත්ත්වය මැයි මාසය අවසන් සතිය වන තෙක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ශ්‍රී ලංකාව ආශ්‍රිතව වායු ගෝලයේ පවතින සුළං ප්‍රවාහයේ අඩුවීම මීට ප්‍රධාන හේතුව බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රීතිකා ජයකොඩි සඳහන් කළේ.

අහස වළාකුළුවලින් තොරවීම සහ හිරු එළිය සෘජුව පොළොවට පතිත වීම යන කරුණු හේතුවෙන් අධික රස්නය සහිත කාලගුණ තත්ත්වය වැඩි වශයෙන් ජනතාවට දැනෙනු ඇති බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

මේ හේතුවෙන් අව්වට නිරාවරණය වීම අවම කරගැනීමේ වැදගත්කම ඇය අවධාරණය කළා.