27.2 C
Colombo
Monday, November 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅප්‍රේල් 25 වැනිදාත් පුංචි ඡන්දය අවිනිශ්චිතයි

අප්‍රේල් 25 වැනිදාත් පුංචි ඡන්දය අවිනිශ්චිතයි

අප්‍රේල් 25 වැනිදා ද පළාත් පාලන මැතිවරණය පැවැත්වීම දැඩි අවිනිශ්චිත තත්ත්වයක පවතින බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පවතින තත්ත්වය අනුව මැතිවරණය නියමිත දින පැවැත්වීම ගැටලු සහගත බවයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.

2017 අංක 16 දරණ පළාත් පාලන මැතිවරණ පනතේ සඳහන් පරිදි දින වකවානු සලකා බැලීමේදී අප්‍රේල් 25 වැනිදා මැතිවරණය පැවැත්වීම කිසිසේත්ම සිදුකළ නොහැකි වනු ඇති බවත් පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ද මේ දක්වා නිසි පරිදි ලැබී නොමැති බවත් ඔහු අවධාරණය කළේය.