23.9 C
Colombo
Saturday, December 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවුරුද්දට ගමේ යන්න විශේෂ බස් රථ සේවාවක්

අවුරුද්දට ගමේ යන්න විශේෂ බස් රථ සේවාවක්

අලුත් අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ලබන 10 වැනිදා සිට අතිරේක බස් සේවා යොදවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ කොළඹ සිට දිවයිනේ සියලු ප්‍රදේශවල ගමනාන්ත සඳහා මෙම විශේෂ බස් රථ මගී ජනයාගේ ඉල්ලුම අනුව යොදවන බවයි.

අවශ්‍ය තරම් බස් රථ ඇණියක් පවතින බවත් මෙම විශේෂ බස් රථ ධාවනයට එක් කරන්නේ අර්ධ සුඛෝපභෝගී බස් ගාස්තු යටතේ බවත් ඔහු සඳහන් කළේය.