27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවුරුදු සමයේ නීති විරෝධී මත්පැන් සොයා විශේෂ වැටලීම්

අවුරුදු සමයේ නීති විරෝධී මත්පැන් සොයා විශේෂ වැටලීම්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ නීති විරෝධී මත්පැන් අත්අඩංගුවට ගැනීමට සහ බලපත්‍ර ලාභී මත්පැන් අලෙවි බලපත්‍ර ඇති ස්ථාන අධික්ෂණයට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සඳහා 1200ක පමණ සුරාබදු නිලධාරීන් පිරිසක් යොදවා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා කියාසිටියේ.

මෙම කාලසීමාව තුළ සිදුවන සුරා අපරාධ මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථන මහජනතාව වෙනුවෙන් විවෘතව තැබෙනවා.

ලබන 14 වනදාට යෙදී ඇති සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් 13 සහ 14 දෙදින දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් අලෙවිය සඳහා බලපත්‍ර ලත් සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.

එසේ වුව ද සුරාබදු රබී 07 සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් හෝටල්වල නේවාසික සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් එම බලපත්‍ර ක්‍රියාත්මක කිරීමටයි අවසර ලබාදී ඇත්තේ.