27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋත්සව සමයේ බීමත් රියදුරන් සොයන්න විශේෂ මෙහෙයුම්

උත්සව සමයේ බීමත් රියදුරන් සොයන්න විශේෂ මෙහෙයුම්

අලුත් අවුරුදු උත්සව සමයේ බීමතින් රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

ඒ සඳහා විශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව අද කියාසිටියේ.

බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා උපකරණ බෙදා හැරීම ආරම්භ කර ඇති බව පැවසූ ඔහු හෙට (07) වන විට සියලුම ප්‍රදේශවලට එම උපකරණ 167,000ක් බෙදා හැරීමට අපේක්ෂා කරන බව සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ නීතියට අනුකූලව තමන්ගේ මෙන්ම අනෙකුත් පොදු මහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙසයි.

මෙම උත්සව සමයේ අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා රට පුරා මාර්ග බාධක කිහිපයක් ද ස්ථාපිත කරන බව ඔහු ප්‍රකාශ කළා.