27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකුඩු සළිඳුගේ පෙත්සමට දින නියම වෙයි

කුඩු සළිඳුගේ පෙත්සමට දින නියම වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින කුඩු සලිදුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ජුනි මස 21 කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

මෙම පෙත්සම අද අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. පෙත්සමේ සඳහන්ව තිබෙන්නේ මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින කුඩු සලිදුගේ නැමැත්තාගේ ජීවිතයට දැඩි අවධානම් සහගත තත්වයක් මතුව ඇති බවයි.

එබැවින් ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කරන මෙන් එමගින් ඉල්ලා තිබෙනවා.