― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportධනිෂ්කට Facebook, Instagram භාවිත කිරීමට අවසර

ධනිෂ්කට Facebook, Instagram භාවිත කිරීමට අවසර

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි වෙනස් කිරීමෙන් අනතුරුව ඔහුට නැවතත් Facebook සහ Instagram යන සමාජ මාධ්‍ය භාවිත කිරීමට සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය විසින් අවස්ථාව ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තීරණය අද (06) සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ධනිෂ්ක විසින් තමාට අදාළ ඇප කොන්දේසි වෙනස් කරන ලෙස සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව පසුගිය පෙබරවාරි මාසයේදී ධනිෂ්ක හට Whatsapp සමාජ මාධ්‍ය යෙදවුම භාවිත කිරීමට අවසර දුන්නේය.

පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔස්ට්‍රෙලියානු සංචාරයට එක් වූ ධනිෂ්ක එහිදී කාන්තාවක් බලහත්කාරෙන් ලිංගික අපයෝජනයට ලක් කිරීම ඇතුළු චෝදනා හතරකට ඉකුත් ඔක්තෝබර් 6 වැනිදා අලුයම සිඩ්නි හයට් රීජන්සි හෝටලයේදී සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගරගත කළේය.