32 C
Colombo
Friday, December 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportපාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කර තිබේ.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 (ආ) සහ 33 වගන්ති යටතේ මෙම තහනම් කිරීම සිදු කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ තාවකාලික කාර්යය ක්‍රමයක් වශයෙන් එකී ජාතික ක්‍රීඩා සංගම් හෝ සම්මේලනයන්හි පරිපාලන සහ වෙනත් යම් අවැසි කටයුතු මෙන්ම අදාළ නිලවරණයන් කැඳවීමට හා පැවැත්වීම යනාදී කටයුතු ඉටු කිරීම උදෙසා පසුගිය (04) වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිසි බලධාරියා ලෙස පත්කරන බවයි.