27 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලීසිය තුළදී පුද්ගලයෙක් අවසන් ගමන් යයි

පොලීසිය තුළදී පුද්ගලයෙක් අවසන් ගමන් යයි

කළුතර දකුණ පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පැමිණිල්ලක් විභාග කරමින් සිටීයදී පුද්ගලයකු හදිසියේ ඇදවැටී මියගොස් ඇතැයි කළුතර දකුණ පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර දකුණ, සෙනවිරත්න පෙදෙසේ පදිංචිව සිටි ගජනායක මුදලිගේ නාලක තුෂාර නමැති පුද්ගලයකු වන අතර මොහු ඉඩමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති අතර, පොලීසිය එය විභාග කරමින් සිටියදී හදිසියේ සිහිසුන්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඇද වැටීමෙන් අනතුරුව 1990 සුව සැරියෙන් කළුතර ශික්ෂණ රෝහලට යොමුකර ඇති අතර රෝහල්ගත කිරීමේදී මොහු ජීවිතක්ෂයට පත්ව තිබේ.