28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබත් වැඩිපුර ඉව්වැයි පියෙක් දුවට කළ කැත වැඩේ

බත් වැඩිපුර ඉව්වැයි පියෙක් දුවට කළ කැත වැඩේ

ක්‍රියාත්මක වෙමින් තිබූ රයිස් කුකුර් පියනෙන් 16 හැවිරිදි දියණියගේ මුහුණ පිළිස්සූ පියෙකු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලිසිය පවසයි.

පින්වත්ත, වඩුපාසල් වත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියක් සිය මව සමග පැමිණ කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පිළිස්සීම් තුවාල සහිත දැරිය සිය මව සමඟ ඊයේ (05) රාත්‍රි පොලිසියට පැමිණිලි කර, ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට පිටත්ව ගිය බව පොලිසිය පවසයි.

දැරිය එදින රාත්‍රී 7.45ට පමණ බත් පිසිමින් සිටියදී සැකකරු නිවස පැමිණ ඇති අතර දැරියගේ මව අසළ වෙළඳසැලකට ගොස් සිට ඇති අවස්ථාවේ රයිස් කුකර් එකෙහි පියන විවෘත කර බැලූ සැකකරු මෙතරම් හාල් මොකටද උයන්නේ යනුවෙන් පවසා රයිස් කුකුර් එකේ පියන ගෙන දැරියගේ මුහුණට තබා ඇති බවට දැරිය ප්‍රකාශ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මුහුණ සහ කම්මුල්වල පිළිස්සීම් තුවාල ලැබූ දැරිය ඉක්මනින් රෝහල වෙත යොමු කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.