26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරජය ත්‍රස්ත විරෝධී පනත හකුලා ගන්නේ නම් ලිඛිත ප්‍රකාශයක් ලබාදෙන්න ඕන -...

රජය ත්‍රස්ත විරෝධී පනත හකුලා ගන්නේ නම් ලිඛිත ප්‍රකාශයක් ලබාදෙන්න ඕන – සජිත්

ත්‍රස්ත විරෝධී පනත හකුලා ගන්නේ නම් රජය ඒ සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් ලබාදිය යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී ප්‍රකාශ කළේය.

වර්තමාන රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්ත විරෝධී පනතක් ගෙන ඒ්මේ උත්සාහය ජනතා විරෝධය හමුවේ හකුලා ගැනීමට  තීරණය කලත් එම තීරණය තමා විශ්වාස නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මීට පෙරද ජනතා විරෝධය පැමිණි පනත් රජය විසින් හකුලා ගත්තත් පසුව තමන්ගේ බහුතරය උපයෝගී කර ගෙන ඒවා සම්මත කර ගත් බවත් ත්‍රස්ත විරෝධි පනත සම්බන්ධයෙන් කොළඹ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු කීවේය.