― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරට රැකියා ලබාදෙන පවසා මුදල් ගැරූ “හොර දොස්තර” කොටුවෙයි

රට රැකියා ලබාදෙන පවසා මුදල් ගැරූ “හොර දොස්තර” කොටුවෙයි

වෙද නලාව කර වටා දමාගෙන වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වා දෙමින් රට රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු ඊර්වේ ආර්යා ළමා රෝහල ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු පනස් පහක් වන නිට්ටඹුව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින අතර මාරවිල ස්ථිර පදිංචිකරුවෙක් බවත් පොලිසිය කියයි

සැකකරු සමග වෙද නලාවක් සහ “ඩොක්ටර් “යනුවෙන් ඉංග්‍රීසියෙන් සඳහන් වෛද්‍යවරුන් අඳින නිළ ඇඳුමක් වෛද්‍යවරුන් පරිහරණය කරන විවිධ ලෙඩ රෝග සම්බන්ධයෙන් මුද්‍රිත පොත් පත් කිහිපයක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

ජැන්ඩියට හැඳ පැළඳ වෙද නලාව කර වට දමාගෙන ජාතික රෝහලේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පරිශ්‍රය තුල සැරිසරා ඇති සැකකරු බිරිඳගේ නමට ඕස්ට්‍රේලියාවේ තිබෙන ඇපල් වත්තේ පුද්ගලයන් දෙතුන් දෙනෙකුට රැකියා අවස්ථාව තිබෙන බව රෝගීන් බැලීමට රෝහලට පැමිණෙන පුද්ගලයන්ට පවසා ඔවුන් මුළා කොට මෙම වංචාව දීර්ඝ කාලයක සිට සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ සඳහා රෝහලේ සේවකයන් ඕන තරම් ගත හැකි බවත් දුප්පත් මිනිස්සුන්ට අවස්ථාව ලබා දීම තමන්ගේ ඒකායන අරමුණ බැවින් ලිපි ලේඛන වලට පමණක් මුදල් ලබා දීමෙන් අනතුරුව විදේශ ගත කළ හැකි බව පුද්ගලයන් සමඟ සැකකරු වැඩිදුරටත් පවසා තිබූ බව පොලිසිය කියයි.

සැකකරුගේ වෛද්‍ය තනතුරට මෙන්ම ඔහුගේ කතා විලාසයට රැවටෙන පුද්ගලයන් රැසක් විදේශගත වීමේ බලාපොරොත්තුව ඔහුට මුදල් ලබා දී ඇති බවද පොලිසිය කියයි.

ඒ අයුරින් විදේශගත වීමේ බලාපොරොත්තුව ඔහුට මුදල් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඇතිවූ සැකයක් මත බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාට කරන ලද දැනුම් දැනුම්දීමක් අනුව වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීමට රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ගිය අවස්ථාවේදී සැකකරු පලා යාමට උත්සාහ කිරීමේදී රෝහල ඉදිරිපිට දී අත්අඩංගුවට ගෙන ඇත.