29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුවසැරිය නඩත්තුවට ආයතන 41ක සහාය

සුවසැරිය නඩත්තුවට ආයතන 41ක සහාය

සුවසැරිය ගිලන් රථ සේවාව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික ආයතන හතළිස් එකක් සහ දානපතින් එකඟතාව පළ කර ඇත.

සුව සැරිය ගිලන් රථ සේවාව සඳහා මහා භාණ්ඩාගාරයෙන් වාර්ෂිකව ලැබෙන රුපියල් බිලියන හතරකට ආසන්න මුදල නොලැබීම නිසා එම ගිලන් රථ සේවාව පවත්වාගෙන යාම අභියෝගයක් වී ඇති බව සුවසැරිය ගිලන් රථ සේවාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා ප්‍රකාශ කළේය.

මෙම ගිලන් රථ නඩත්තුව සඳහා මහා භාණ්ඩාගාරය විසින් මුදල් ලබා නොදීම හේතුවෙන් සුවසැරිය පවත්වාගෙන යාම අභියෝගයක්ව තිබූ බවයි ඔවුන් පැවසුවේ.

සුවසැරිය අධ්‍යක්ෂ මණ්ඩලය සහ එම පෞද්ගලික ආයතන එකාබද්ධව පැවැත්වූ සාකච්ඡාවකින් පසු මේ වන විට සොයාගෙන ඇති මුදල රුපියල් මිලියන පන්සිය විසිපහකි.