― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅනියම් බිරිඳගේ 12 හැවිරිදි දියණියට හදි කළ පුද්ගලයා පොලිස් දැලේ

අනියම් බිරිඳගේ 12 හැවිරිදි දියණියට හදි කළ පුද්ගලයා පොලිස් දැලේ

වසර 04ක කාලයක සිට තම අනියම් බිරිඳගේ වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරිය සමඟ අඹු – සැමි ඇසුරක් පැවැත් වූ බව කියන සැකකරුවෙකු පල්ලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – විල්පත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 33ක් වන පුද්ගලයෙක්.

දැරියගේ පියා ඔවුන් හැරගොස් ඇති අතර,දැරිය සහ ඇයගේ සහෝදරයා මව සමඟ ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ මව සැකකරු සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම ඇසුරේ ප්‍රතිඵලයක් ලෙස සැකකරු ඔවුන් ජීවත්ව සිටි නිවසේ පදිංචියට පැමිණ ඇති බව සඳහන්.

2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දිනක මව නිවසේ නොමැති අවස්ථාවක පළමුවරට සැකකරු බලහත්කාරයෙන් දැරිය දූෂණය කර ඇති අතර, ඉන් අනතුරුව අවස්ථාව ලැබෙන සෑම විටකම සැකකරු දැරිය සමඟ අඹු සැමි සම්බන්ධතා පවත්වා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

තම දියණිය පාසල් යාමට අකමැත්තක් දක්වන බවට ඇයගේ මව විසින් ග්‍රාම නිලධාරීනීය වෙත දැනුම් දී ඇති අතර, ග්‍රාම නිලධාරිනීය විසින් මේ බව පල්ලම පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට සහ පල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් නිලධාරීවරයා වෙත දැණුම් දී තිබෙනවා.

අනතුරුව එම නිලධාරීන් ඊයේ (06) දින දැරිවිය හමු වී විස්තර විමසා ඇති අතර, එහිදී තමන් වසර කීපයක් තිස්සේ මුහුණ දෙමින් සිටින අත්දැකීම දැරිය විසින් එම අවස්ථාවේ දී හෙළිකර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර තිබෙනවා.

පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යනු ලබනවා.