26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආච්චි හා සීයා එළොව යැවූ මුණුපුරා අත්අඩංගුවට

ආච්චි හා සීයා එළොව යැවූ මුණුපුරා අත්අඩංගුවට

ඇල්ල බල්ලකෙටුව ප්‍රදේශයේ නිවසක සිටි වයෝවෘද්ධ මිත්තනිය සහ සීයා ඝාතනය කළැයි සැක කෙරෙන මුනුපුරා අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු මෙම ද්විත්ව ඝාතනයෙන් අනතුරුව නිවසින් පලාගොස් උමාඔය රන්දෙණිය මඩුගස්තලාව රක්ෂිතයේ සැගවී සිටියදීයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බල්ලකෙටුව, නාවලගම පාරේ පදිංචි 22 හැවිරිදි අවිවාහක තරුණයකු වන අතර බල්ලකෙටුව නාවලගම පාරේ නිවසක පසුගිය 04 වැනිදා රාත්‍රියේ සිදු වූ මෙම ද්විත්ව ඝාතනයෙන් අනතුරුව සැකකරු එදිනම රාත්‍රි ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

සැකකරු සොයා බල්ලකෙටුව, ඇල්ල, බණ්ඩාරවෙල පොලිසිවල විශේෂ පොලිස් කංඩායම්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායම් කීපයක් එක්වී සැකකරු සොයා විශේෂ මෙහෙයුමක් දියත් කළ අතර එම මෙහෙයුම අතරතුරදීයි මොහු සොයාගෙන ඇත්තේ.

සැකකරුගේ පියා නොමැති අතර මව වැල්ලවාය රන්දෙණිය ප්‍රදේශයේ පදිංචි බවත් මොහු බල්ලකෙටුව, නාවලගම පාරේ පදිංචි සිය මිත්තනියගේ සහ මුත්තණුවන්ගේ රැකවරණය යටතේ එම නිවසේ වසර ගණනක් පදිංචිව සිටි ඇති බවත් අනාවරණය වී තිබේ.