26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑළවළු මිල පහළට

එළවළු මිල පහළට

එළවළු මිල සැලකිය යුතු ලෙස පහත වැටීම නිසා ගොවීන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව වාර්තා වෙයි.

පසුගිය අඟහරුවාදාට සාපේක්ෂව ඊයේ (06) දිනයේදී එළවළු මිල අඩු වී තිබූ බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

බෝංචි කිලෝවක මිල 18% කින්ද, කැරට් කිලෝවක මිල 10% කින්ද, ලීක්ස් කිලෝවක මිල 3% කින්ද අඩුවී තිබේ.

ඒ අනුව බෝංචි රු. 70-130, කැරට් රු.70-120, ලීක්ස් රු.160-220, බීට් රූට් රු.70-110, නෝකෝල් රු.70-110, රාබු රු.10-80, ගෝවා (නුවරඑළිය) රු.65-100, තක්කාලි රු.80-160, පිපිඤ්ඤා රු.20-60, පතෝල රු.70-140, මාළු මිරිස් රු.280-320, වට්ටක්කා රු.30-50ක් වැනි මිලකට නලෙවි වේ.