29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකනත්තක් අසළදී පෙරපාසල් ගුරුවරියට අත් වූ ඉරණම

කනත්තක් අසළදී පෙරපාසල් ගුරුවරියට අත් වූ ඉරණම

පේරාදෙණිය ඉළුක්වත්ත ප්‍රදේශයේදී අද (07) උදෑසන පෙර පාසල් ගුරුවරියකගේ ගෙළ කපා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

මුරුතලාවේ පදිංචි 25 හැවිරිදි අංජලී චාපා නැමැති තරුණියක් මෙලෙස ඝාතනයට ලක්ව ඇත.

පෙර පාසලේ පැවැත්වීමට සූදානම් කර තිබූ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වීම සඳහා අද පෙරවරුවේ යමින් සිටියදී ගිනිහේන සුසාන භූමිය අසළ දී කිසිවෙකු විසින් ඇයගේ ගෙල කපා මෙම ඝාතනය සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.