23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකෘෂි නිලධාරීන්ට රට ගමන් තහනම්

කෘෂි නිලධාරීන්ට රට ගමන් තහනම්

කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සියලුම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නිලධාරීන්ට දීර්ඝකාලීන විදේශගත වීම් සඳහා අනුමැතිය ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති පළාත් කෘෂිකර්ම සමුළුවේදී කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නිලධාරීන් විදේශගත වීමකදී කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය වන බැවින් විදේශ ගතවීම සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

එහිදී පළාත් කෘෂිකර්ම බලධාරීන් අමාත්‍යවරයාට යෝජනා කර ඇත්තේ දීර්ඝකාලීන විදේශගත වීම් සඳහා අනුමැතිය ලබා නොදෙන ලෙසයි.

කෘෂිකර්ම අංශයේ සේවය කරන කෘෂිකර්ම උපදේශක වැනි තනතුරු රැසක මේ වනවිට විශාල වශයෙන් පුරප්පාඩු පවතින බවත් වසර ගණනකින් එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා බඳවා ගැනීම් සිදු කර නොමැති බවත් අමාත්‍යාංශය පවසයි.

දැනට පුරප්පාඩු පවතින තනතුරු සඳහා නව බඳවා ගැනීම් සිදු කරන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවත් කෘෂිකර්ම අංශයට අදාල නිලධාරීන් දීර්ඝකාලීන විදේශ ගතවීම් සදහා සිදු කරන ඉල්ලීම් තමන්ට යොමු නොකරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යවරයා සියලුම කෘෂිකර්ම බලධාරීන්ට දැනුම් දී තිබේ.