― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalත්‍රස්ත විරෝධී පනත අප්‍රේල් අග හෝ මැයි මුල පාර්ලිමේන්තුවට

ත්‍රස්ත විරෝධී පනත අප්‍රේල් අග හෝ මැයි මුල පාර්ලිමේන්තුවට

නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, සිවිල් සංවිධාන හා ප්‍රවාහන වෘත්තීය සමිති නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (06) අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පිළිබඳ සිවිල් සංවිධාන හා ප්‍රවාහන වෘත්තිය සමිති නියෝජිතයින් විසින් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධව අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ මෙම පනත 2015 වසරේ දී කෙටුම්පත් කිරීම ආරම්භ කරනු ලැබු බවත්, නව කෙටුම්පත තුළින් ජනාධිපතිවරයා හෝ රජය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, මෙම පනත් කෙටුම්පත ජාත්‍යන්තර පනත් පිළිබදව අධ්‍යයනය කර රටේ ජනතාවගේ ජන ජීවිතය හා දේපළ සුරක්ෂිත කිරීමටත්, දැනට පවතින පනතතෙහි ඇති අවභාවිතවීම් ඉවත් කරමින් රැඳවුම් නියෝග නිකුත් කිරීමට ජනාධිපතිට ඇති බලය නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ලබාදීම සිදු කර ඇති බවත් ය.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධව ජාත්‍යන්තර වශයෙන් කිසිදු විරුද්ධත්වයක් මෙතෙක් එල්ලව නොමැති අතර, නව පනතක් සකස් කිරීමට හෝ පවතින පනතට සංශෝධන ගෙන එන ලෙස ජාත්‍යන්තරය ඉල්ලීම් සිදු කර ඇති බැවින් ඒ අනුව නව පනත් කෙටුම්පත සකස් කළ බව ද හෙතෙම පැවසීය.

ත්‍රස්ත විරෝධි නව පනත් කෙටුම්පත සකස් කිරීම අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතිඥ නෙරින් පුල්ලේ, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන්ගේ සභාපතිත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නීතිඥයින් විසි දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් මාස කිහිපයක් තිස්සේ අධ්‍යනයන් සිදු කරමින් සකස් කර ඇති අතර, නීතිඥ ප්‍රජාවගේ සිවිල් සංවිධානවල ඉල්ලීම පරිදි සංශෝධන සිදු කිරීම සදහා අවශ්‍ය යෝජනා ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ද අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේය.