26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිදිමත නිසා මඟ නතර කළ කපිතාන්ගේ යතුරු පැදිය උස්සලා

නිදිමත නිසා මඟ නතර කළ කපිතාන්ගේ යතුරු පැදිය උස්සලා

පනාගොඩ ප්‍රදේශයේ සාදයකට ගොස් එමින් සිටියදී ඇතිවූ අධික නිදිමත නිසා යතුරුපැදිය පානදුර කන්දසාමි කෝවිල ළග නතරකර නිදාසිට යුධ හමුදා කපිතාන්වරයෙක්ගේ යතුරුපැදියක් ඊයේ (07) රාත්‍රි සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි .

පනාගොඩ යුධ හමුදා කදවුරේ රාජකාරි කරන පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචි කපිතාන්වරයෙක් කල පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කල බව පොලිසිය පවසයි .

යතුර, යතුරුපැදියේ යතුරු කටේ තිබී ඇති අතර කිසියම් පුද්ගලයකු එය රැගෙන යන අයුරු ආරක්ෂක කැමරාවක පටිගතව ඇති බවද සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් පොලිසිය පවසයි .