29.5 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු සතියේදී දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

පාස්කු සතියේදී දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

පාස්කු සතිය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව පොලිස් මුලස්ථානය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ අද සිට මෙම ආරක්ෂක වැඩ පිළිවෙළ ක්‍රියාවට නංවන බවයි.

මේ වෙනුවෙන් පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්යය බලකාය හා යුධ හමුදාව කැඳවීමටද නියමිත බව ඔහු පැවසුවා.

මේ අතර පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා පිඩාවට පත් පුද්ගලයින් සිහි කරමින් ලබන 09 වැනිදා ඉරිදා දිවයින පුරා පිහිටි කිතුනු දේවස්ථානවල විශේෂ දේව මෙහෙය පැවැත්වෙනවා.

පාස්කු ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.