27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාර්තුවේදී විදෙස්ගත ශ්‍රමික ආදායම ඩොලර් මිලියන 500 පනී

මාර්තුවේදී විදෙස්ගත ශ්‍රමික ආදායම ඩොලර් මිලියන 500 පනී

මාර්තු මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 568 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2023 ජනවාරි සිට මාර්තු මස දක්වා මෙරටට ලැබුණු ශ්‍රමික ආදායමේ අගය ඩොලර් මිලියන 1,413.2ක් වන බවයි මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

තවද විදේශ ශ්‍රමිකයින් පසුගිය මාසයේ මෙරටට එවූ විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 368.3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 78.5ක ඉහළ යාමක් වන අතර
ගිය වසරේ මාර්තු මාසයේදී විදෙස් ශ්‍රමිකයින් මෙරටට එවා තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 318.4ක විදේශ විනිමය ප්‍රමාණයකි.