30.6 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාපනයේ පාන් මිල අඩු වෙයි

යාපනයේ පාන් මිල අඩු වෙයි

යාපනයේ හෙට (08) සිට පාන් මිල රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කර ඇති බව යාපනය බේකරි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති කේ.ගුණරත්නම් පවසයි.

මෙම මිල අඩු කිරීම හෙට පෙරවරුවේ සිට ක්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කළේ.

ගෘහස්ත ගෑස් මිල අඩු කළද බේකරි නිෂ්පාදනවල මිල අඩු නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඉදිරියේදී තිරිඟු පිටි, තෙල් සහ බිත්තර මිල අඩු වුවහොත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට සලකා බලන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

යාපනය බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය ඉහත දැනුම්දීම ප්‍රකාශ කර ඇත්තේ මෙවන් පසුබිමකය.