― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයෝජිත ප්‍රතිත්‍රස්ත පනත වහාම හකුලා ගන්න - හියුමන්රයිට් වොච්

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත වහාම හකුලා ගන්න – හියුමන්රයිට් වොච්

යෝජිත ප්‍රතිත්‍රස්ත පනතින්, මූලික මිනිස් අයිතිවාසිකම් ක්‍රමානුකූලව උල්ලංඝණය කිරීමේ බලය බලධාරීන්ට ලබා දෙන බව හියුමන්රයිට් වොච් සංවිධානය පවසයි.

ඒ අනුව ඔවුන් යෝජනා කරන්නේ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත වහා ඉල්ලා අස්කරගත යුතු බවයි.

එමෙන්ම, රජය ඕනෑම ත්‍රස්තවිරෝධී පනතක් හදුන්වා දෙන්නේ නම්, එම පනත ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවයි ඔවුන් පවසන්නේ.

පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද දැඩි විවේචන එල්ල වී තිබුණු අතර එම පනත අහෝසි කර ඒ වෙනුවට අළුත් පනතක් ගෙන එන බවට රජය පොරොන්දු වී තිබුණි. නමුත්, පැවති පනතේ දුර්වලතා නිවැරදි කරනවා වෙනුවට දේපළ හානිය, සොරකම හා මංකොල්ලකෑම වැන අපරාධ ද ඇතුළත්වන පරිදි ත්‍රස්තවාදය යන්න නව පනතින් යළි අර්ථකතනය කර තිබෙන අතර රැස්වීමේ හා භාෂණයේ නිදහසටද ඒ මගින් සීමා පමුණුවා ඇත.

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත, සාමකාමී විවේචකයන් නිහඩ කිරීමට මෙන්ම සුළු ජාතිකයන්ට එරෙහි ක්‍රියාමාර්ග තවදුරටත් ගැනීමේ අවසරය ශ්‍රී ලංකා රජයට ලබා දී ඇති බව හියුමන්රයිට් වොච් සංවිධානය පවසයි.

විරෝධතා මර්දනය කිරීම සදහාත්, විරෝධතාකරුවන් අත්තනෝමතික ලෙස රදවා තබා ගැනීම සදහාත් ප්‍රති ත්‍රස්ත පනත භාවිතා කිරීමේ අවදානම නොවෙනස්ව ඇති බව හියුමන් රයිට් වොච් සංවිධානය පවසයි.

#Headline news