30 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ ගොඩනැගිලිවල සූර්ය පැනල සවි කිරීමට පියවර

රජයේ ගොඩනැගිලිවල සූර්ය පැනල සවි කිරීමට පියවර

රජයේ ගොඩනැගිලිවල සූර්ය පැනල සවිකර විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියට අදාළ තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය 90%ක් පමණ නිමකර ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ එම තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය අප්‍රේල් 15 වැනිදා වනවිට නිම කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 100ක ණය ආධාරයක් ඉන්දියාවෙන් ලබාදෙන අතර මෙහි ටෙන්ඩර් ක්‍රියාවලිය සහ ඊට අදාළ මිලදී ගැනීම් කටයුතු ඉන්දීය එක්සිම් බැංකුව මගින් සිදුකිරීමට නියමිතය.