― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලක්ෂ 65ක හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

ලක්ෂ 65ක හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා හෙරොයින් හා මුදල් තොගයක් සමඟ කාන්තාවක් ඊයේ (06) ගෑන්ඩ්පාස් ස්ටේස් පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස ඇය කටයුතු කරන බවයි පොලීසිය පවසන්නේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනුයි ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාරිය සමග රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා හොරයින් මත්කුඩු ග්‍රෑම් 208 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය චෝදනාවකට වැලිකඩ බන්ධනාගාරගතව සිටින සැකකාරියගේ සැමියා මාර්ගයෙන් මහර බන්ධනාගාරයේ සිටින මෙම ප්‍රබල ජාවාරම්කරු හඳුනාගෙන තිබූ බවත් එම ජාවාරම්කරු සැමියාට ජංගම දුරකථන හරහා ලබාදෙන උපදෙස් සැමියා තමන් වෙත ලබාදීමෙන් අනතුරුව හෙරොයින් මත්කුඩු ජාවාරම සිදු කරන බවත් ඇය පොලීසිය හමුවේ අනාවරණය කර තිබේ.

ඇය කොළොන්නාව, වැල්ලම්පිටිය, සාලමුල්ල, ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ආදී ප්‍රදේශවලට මත්කුඩු තොග වශයෙන් බෙදා හරින බවයි පොලීසිය හමුවේ පවසා ඇත්තේ.ලක්ෂ 65ක හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට