30.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවන්දනාවේ යමින් සිටි තිරික්කල් පෙළක බස් රථයක් ගැටෙයි

වන්දනාවේ යමින් සිටි තිරික්කල් පෙළක බස් රථයක් ගැටෙයි

තන්තිරිමලේ වැව් බැම්ම මත දී බස් රථයක් සහ තිරික්කල් පහක ගැටී අද (07) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට පුද්ගලයින් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් සහ මඩු වන්දනාවේ යමින් තිබූ තිරික්කල් 05ක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් තිරික්කල්වල සිටි පුද්ගලයින් ගෙන් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, එලෙස තුවාල ලැබූවන් අතර පිරිමි ළමයෙක් ද ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් තිරික්කල්වල බැඳ සිටි ගවයින් සිව්දෙනෙක් ද තුවාල ලබා තිබෙනවා.

බස් රථයේ රියදුරුගේ නොසැළකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති අතර, බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.