29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහොරෙන් ලංකාවට එන්න තැත් කළ ඉරාක පිය පුතු දෙපළ පිටුවහල්

හොරෙන් ලංකාවට එන්න තැත් කළ ඉරාක පිය පුතු දෙපළ පිටුවහල්

ව්‍යාජ ගුවන් බලපත්‍රයක් උපයෝගි කර ගනිමින් ඩුබායි සිට පැමිණ මෙරටට ඇතුළු වීමට උත්සාහ කළ 18 හැවිරිදි ඉරාක ජාතික තරුණයෙකු සහ ඔහුගේ පියා අද (07) යළි පිටුවහල් කිරීමට කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම පිය පුතු දෙපළ ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී බලධාරීන් විසින් පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදී රේගු බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇත්තේ ඩොමිනිකානු ජනරජයට අයත් ගුවන් බලපත්‍ර දෙකක් වන අතර ඒවා ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට කළ පරීක්ෂණවලදී හෙළිවී ඇත.

පසුව මෙම තරුණයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු සමග ඔහුගේ පියා ද පැමිණ සිටින බව ද පවසා ඇති බැවින් ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු ඩුබායි බලා පිටුවහල් කිරීමට කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි.