26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅග්බෝපුර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට

අග්බෝපුර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට

කන්තලේ – අග්බෝපුර ප්‍රදේශයේ දී ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ දුම්රියක් ඊයේ (07) දහවල් පීලි පැනීමෙන් අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුව තිබුණා.

මෙලෙස හානියට පත් වූ දුම්රිය මාර්ගය තව පැය කිහිපයකින් යථාතත්වයට පත්කළ හැකි වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එමෙන්ම අනතුරට පත් දුම්රිය ද මේ වනවිට පීලි ගතකර අවසන් බවයි වාර්තා වන්නේ.

කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබූ මැදිරි 04කින් යුත් දුම්රියක් මෙලෙස පිලි පැනීමට ලක්වූ අතර, මෙම අනතුරෙන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.

තුවාල ලැබූවන් අතර දුම්රියේ නියමකවරුන් දෙදෙනා ද සිටින බවයි වාර්තා වුණේ.

මෙම අනතුර හේතුවෙන් ඊයේ (07) රාත්‍රියේ කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වීමට තිබූ රාත්‍රී තැපැල් දුම්රිය සහ ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට තිබූ තැපැල් දුම්රිය ද අවලංගු කරනු ලැබුවා.