― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඅධික කෝපයට පත්වුණු 15 හැවිරිදි දැරිය ජංගම දුරකථනය ගිලලා

අධික කෝපයට පත්වුණු 15 හැවිරිදි දැරිය ජංගම දුරකථනය ගිලලා

ඉන්දියාවේ බින්ද් දිස්ත්‍රික්කයේ අමායාන් ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අධික කෝපයට පත්ව ඇයගේ ජංගම දුරකථනය ගිල දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉන් පසුව පවුලේ සාමාජිකයින් විසින් ඇයව බින්ද් දිස්ත්‍රික් රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

තත්ත්වය බලපතල වීම හේතුවෙන් වෛද්‍යවරු ඇයව ග්වාලියර් (Gwalior) රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර පැයක පමණ ශල්‍යකර්මයකින් අනතුරුව වෛද්‍යවරුන් දැරියගේ උදරයෙන් දුරකථනය පිටතට ගෙන ඇත.

කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම හේතුවෙන් ඇගේ දිවි බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වී තිබෙනවා.

දැරියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වෛද්‍යවරුන් පවසයි.