23.9 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් ගමන්වලට බාධා

අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් ගමන්වලට බාධා

කටුනායක අවට පවතින දැඩි වර්ෂාව නිසා ගුවන් තොටුපළෙන් පිටත්ව යන සහ ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා කීපයක ප්‍රමාද වීම් සහ අවලංගු කිරීමට ඉඩ ඇතැයි කටුනායක ගුවන්තොටුපොළ පවසයි.

ඩුබායි බලා පිටත්ව යාමට ගුවන් යානයක් පැය 15 ක ට ආසන්න කාළයක් ප්‍රමාද වී තිබේ.

ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙතඅද අලුයම 04.45 ට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය  පැය 12 කට ආසන්න කාළයක් ප්‍රමාද වී තිබේ.

එසේම ජපානයේ නරීටා බලා කටුනායක ගුවන් තොටුපළෙන්  යාමට නියමිතව  ගුවන් යානය ද  ප්‍රමාද වී පිටත්ව ගොස් තිබේ.

ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ  ගුවන් යානයද අවලංගු කර තිබේ. මුම්බායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය ද  අවලංගු කර තිබේ.

මීට අමතරව චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ ගොඩ බැස්සවීමට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් යානය , මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ අවට තිබූ අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා මාලදිවයින මාලේ ගුවන් තොටුපළ වෙත යොමු කර තිබේ.

මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ අවට පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය එයට හේතු වී තිබුණි.