― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅසත්‍ය පුවතක් සම්බන්ධයෙන් තෙල් සංස්ථාවෙන් විශේෂ දැනුම්දීමක්

අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් තෙල් සංස්ථාවෙන් විශේෂ දැනුම්දීමක්

සති අන්ත පුවත් පතක පළ වූ අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

“තෙල් සංස්ථාව ලාභයි – බෝනසුත් දෙයි” යන සිරස්තලයෙන් පළ කර ඇති ප්‍රවෘත්ති වාර්තාව අසත්‍ය කරුණු මත පදනම්ව නිර්මාණය කර ඇති මහජනතාව නොමග යවන අසත්‍ය පුවතක් බවයි සංස්ථාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

සාමාන්‍යයෙන් සිංහළ දෙමළ අලුත් අවුරුදු සමරන අප්‍රේල් මාසයට බෝනස් සහ උත්සව අත්තිකාරම් ණය මුදලක් ලබා දුන්න ද මෙම වසරේ කිසිවෙකුට බෝනස් ලබා දී නොමැති බව එහි සඳහන්.

ලිඛිතව ඉල්ලීමක් කර ඇති වැටුප් රහිත නිවාඩු ලබා නොගත් සේවකයන්ට පමණක් මාස 10 තුලදී එම ණය මුදල හා පොළියත් සමග මාසික වැටුපෙන් අය කර ගන්නා ගිවිසුම මත රුපියල් 30,000ක උත්සව අත්තිකාරම් ණය මුදලක් ලබාදී තිබෙනවා.

එබැවින් මෙවැනි මහජනතාව නොමග ්‍යවන අසත්‍ය ප්‍රවෘත්ති පළ කර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් රටේ වැරදි මතයක් සමාජ ගත කිරීම පිළිකුලෙන් හෙළා දකින අතර අදාළ පුවත නිවැරදි කරන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

එමෙන්ම නිවැරදි කිරීමට ද සාධාරණ ඉඩක් වෙන් කරන ලෙසටයි අදාළ සති අග පුවත්පත් කතෘවරයාගෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉල්ලා ඇත්තේ.