26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවෙන් ගෙන් වූ දෙවන බිත්තර තොගය අද බේකරිවලට

ඉන්දියාවෙන් ගෙන් වූ දෙවන බිත්තර තොගය අද බේකරිවලට

ඉන්දියාවෙන් අනයනය කරන ලද දෙවන බිත්තර තොගය අද (08) දිනයේ බේකරි සඳහා නිදහස් කිරීමට හැකිවනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා.

එම බිත්තර සාම්පල පරීක්ෂණ වාර්තා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් අද ලබාදීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

එම වාර්තා ලැබීමෙන් අනතුරුව එම බිත්තර තොග නිදහස් කිරීමට හැකිවනු ඇති බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද දෙවන බිත්තර තොගය ලෙස බිත්තර ලක්ෂ 10ක තොගයක් පසුගිය 29 වනදා මෙරටට රැගෙන ආවා.