32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඊළඟ ජනාධිපතිවරණයේ දී රට මුදාගත් ජනපති රනිල්ගේ දෑත් ශක්තිමත් කළ යුතුයි -...

ඊළඟ ජනාධිපතිවරණයේ දී රට මුදාගත් ජනපති රනිල්ගේ දෑත් ශක්තිමත් කළ යුතුයි – දිලුම් අමුණුගම

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කුමන තීරණයක් ගනී දැයි තමන් නොදන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසයි.

කෙසේ වුව ද ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරඟ කරන්නේ නම් ඔහුගේ දෑත් ශක්තිමත් කළ යුතු බව සිය පෞද්ගලික මතය යැයි හෙතෙම සඳහන් කරයි.

අර්බුදයෙන් රට මුදවාගත් නායකයා ලෙස රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කළ යුතු බව ප්‍රකාශ කිරීමට තමා බිය නොවන බවත් දිළුම් අමුණුගම පෙන්වා දෙයි.

රට භාර ගන්නා ලෙස සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු නායකත්වය භාර ගෙන රට අද තත්ත්යට ගෙන ආවේ නම් ඔහුට සහාය දීමට වුව ද තමා පසුබට නොවන බවයි, ඔහු මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ.