29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතව මාස 6කට ඇතිවෙන්න ගල් අඟුරු මේ මාසය අවසන් වෙන්න කලින් දිවයිනට

තව මාස 6කට ඇතිවෙන්න ගල් අඟුරු මේ මාසය අවසන් වෙන්න කලින් දිවයිනට

මේ වසරේ සැප්තැමිබර් මාසය දක්වා අඛණ්ඩව විදුලිය සැපයීමට නොරොචිචෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු තොග මේ මස අවසන්විමට පෙර දිවයිනට ආනයනය කර අවසන් කරන බව ශ්‍රී ලංකා ගල් අඟුරු සමාගම පවසනවා.

එහි සභාපති ෂෙහාන් සුමනසේකර කියා සිටියේ මෙවර දිවයිනට ගෙන්වූ ගල් අඟුරු නෞකා 22ක ගොඩබෑමේ කටයුතු සිදුකර අවසන්ව ඇති බවයි.

එමඟින් ගල් අඟුරු මෙ විරක් ටොන් මිලියන 1.3ක් දිවයිනට ආනයනය කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

නොරොච්චෝලේ ලක් විජය බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට අවශ්‍ය කෙරෙන්නේ ගල් අඟුරු මෙටිරක් ටොන් 7500ක්.