― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කෙරේ

තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කෙරේ

තියුණු ආයුධයකින් පහරදීමෙන් ⁣අද (08) අලුයම ඉපලෝගම ප්‍රදේශයේදී කාන්තාවක ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉපලෝගම හිරිපිටියාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැරිදි දෙදරු මවක බවයි අනාවරණ වී ඇත්තේ.

තම සැමියා සමඟ ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව සඳහන්.

රැකියාවක නිරතව සිටින මෙම කාන්තාව අද අලුයම රැකියාව සඳහා පිටත්වීමට තලාව කැකිරාව ප්‍රධාන මාර්ගයට පැමිණෙමින් සිටියදී සැමියා විසින් ඇයට තියුණු ආයාධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

අද (08) අලුයම 05 ට පමණ මෙම කාන්තාව හිරිපිටියාගම ප්‍රදේශයේ පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය සඳහා අතුරු මාර්ගයක ගමන් කරමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

මරණයට පත් වූ කාන්තාව හා සැමියා අතර කාලයක පටන් පවුල් ආරවුල් පැවති අතර ඒ සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානයේ පැමිණිලි ද පවතින බවයි ඉපලෝගම පොලිසිය පවසන්නේ.

මීට මාසයකට පමණ ඉහතදී මෙම කාන්තාව සැමියා සමඟ ආරවුල් පැවතීම හේතුවෙන් මයිලගස්වැව පිහිටි නිවසේ සිට, සිය බාල දරුවා ද සමගින් සොහොයුරාගේ නිවසට පැමිණ එහි සිට රැකියාවට සේවයට ගොස් තිබෙනවා.

මිය ගිය කාන්තාවගේ දියණියද අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කරන්නියක වන අතර, ඇය අද (08) උදෑසන සේවයට යෑම සඳහා නිවසේ සිට පැමිණ ඇති අතර, ඒ එන අතර වාරයේ මාර්ගයේ පුද්ගලයකු වැටී සිටිනු දැක ඒ පිළිබඳව සොයා බැලීමේදී යි ඒ තම මව බවට හෙළිවී ඇත්තේ.

දියණිය කෑ ගසා අසල්වාසීන් දැනුම්වත් කිරීමෙන් පසු අසල්වාසීන් පැමිණ 1990 සුව සැරිය හා ඉපලෝගම පොලිසිය දැනුම්වත් කර ඇති අතර, සුව සැරියේ නිළධාරීන් පැමිණ පරික්ෂා කිරීමේදී කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මිය ගිය කාන්තාවගේ දේහය කැකිරාව දිසා රෝහලේ මෘත ශරිරාගාරය වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

බිරියගේ ඝාතනයෙන් පසු සැකකාර සැමියා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා මේ වනවිට පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මියගිය කාන්තාවගේ සිරුර මේ වනවිට කැකිරාව මූලික රෝහලේ තැන්පත්කර ඇති අතර ඉපලෝගම පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.