23.9 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශීය බිත්තර මිල අඩු කරන්න පුළුවන් - කුකුළු ව්‍යාපාරිකයින්

දේශීය බිත්තර මිල අඩු කරන්න පුළුවන් – කුකුළු ව්‍යාපාරිකයින්

ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලක්ෂ 10ක් වූ දෙවන බිත්තර තොගය හෙට (08) නිදහස් කිරීමට හැකි බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එම බිත්තර සාම්පල පරීක්ෂණ වාර්තා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෙට දිනයේ ලබාදීමට නියමිතව ඇති බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ.

එවන් පසුබිමක ඉදිරියේදී බිත්තර මිල අඩු කිරීමට හැකිවනු ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා

“සත්ත්ව ආහාර සඳහා අය කරන වැට් එක අයින් කළොත් බිත්තරයකින් රුපියල් 6ක් අඩු කරන්න පුළුවන්. එහෙම වුණොත් බිත්තර ආනයනය කිරීම කරන්න ඕනේ නැහැ. මොකද දේශීය බිත්තර රුපියල් 06කින් අඩු වෙනවා.”